15 හැවිරිදි සිසුවිය මිතුරිය ඝාතනය කරයි
සයුරෙන් එතෙර

15 හැවිරිදි සිසුවිය මිතුරිය ඝාතනය කරයි

July 28, 2014   11:51 am

ජපානයේ 15 හැවිරිදි පාසල් සිසුවියක් විසින් ඇයගේ මිතුරිය ඝාතනය කර තිබේ.

දකුණු නාගසාකි දිස්ත්‍රික්කයේ සසෙබෝ නගරයේ පාසලක සිසුවියක් ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

සැකකාර සිසුවිය විසින් ඇයගේ මිතුරියගේ හිසට ආයුධයකින් පහරදී පසුව ගෙල සිරකර ඇති අතර අතක් ද කපා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සැකකාර සිසුවිය නවාතැන් ගෙන සිටි නිවසේ තිබි මළ සිරුර සොයාගෙන තිබේ.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ඝාතනය තමන් තනිවම සිදුකළ බව ඇය ප්‍රකාශ කර ඇත.

මීට වසර 10 කට පමණ පෙර දි එම නගරයේම 11 හැවිරිදි පාසල් දැරියක් විසින් 12 හැවිරිදි තම මිතුරිය ඝාතනය කර තිබුණි.