සංචාරකයින්ට තාවකාලිකව සීගිරිය තහනම්

සංචාරකයින්ට තාවකාලිකව සීගිරිය තහනම්

July 28, 2014   06:47 am

සංචාරකයින්ට සීගිරිය සිංහපාදයෙන් ඉහළ කොටස නැරඹිම තාවකාලිකව නවතා දමා තිබේ.

උදෑසන සිට දහවල් 12.00 පමණ වන තෙක් මේ ආකාරයට සිංහපාදයෙන් ඉහළ කොටස නැරඹීම නවතා දමා ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

දැනට පවතින වියළි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බඹර කූඩු ඇවිස්සීමේ අවදානමක් මතුව ඇති බැවින් මෙම පියවර ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියා සිටියි.

පසුගිය කාලය තුළ අවස්ථා ගණනාවකදී බඹරු දෂ්ඨ කිරීමෙන් සංචාරකයින් විශාල පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණි.

මේ අතර ආරක්ෂක අංශ වල උපදෙස් නොතකා ඇතැම් විදෙස් සංචාරකයින් සිංහපාදයෙන් උඩ කොටස නැරඹීමට ගොස් බඹර ප්‍රහාරයන්ට ලක්වන බව සඳහන්ය.

සීගිරිය තුළ බඹර කූඩු 16ක් පමණ ඇති අතර මින් බඹර කූඩු 02ක් නිරන්තරයෙන් ඇවිස්සී පවතින බව වාර්තාවේ.