අභිරහස් මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවෙයි

අභිරහස් මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවෙයි

July 27, 2014   03:15 pm

අහුංගල්ල, කටුවිල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන තිබේ.

අද(27) පෙරවරුවේ ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව අහුංගල්ල පොලිසිය විසින් මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අදාළ අස්ථි කොටස් පිරිමි පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන ඇති නමුත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

කෙසේ වෙතත් අස්ථි කොටස් සොයා ගැණුනු ස්ථානය ආසන්නයේ ගසක තිබි ලණු කැබැල්ලක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ පුද්ගලයා ගෙලවැලලාගෙන සිය දිවි හානිකරගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.