බිරිඳ එක්ක පැටලිලා ගිනි තබාගෙන මියැදිලා

බිරිඳ එක්ක පැටලිලා ගිනි තබාගෙන මියැදිලා

July 25, 2014   03:41 pm

වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් හාමස්ලේන් ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු සිරුරට භූමිතෙල් හලාගෙන ගිනිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අද(25) 12.35 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක්වූ කුලේන්ද්‍රන් නමැති අංක 25, පින්තු පෙදෙස- වැල්ලවත්ත ලිපිනයේ පදිංචි අයෙකි.

මරණයට පත්වූ පුද්ගලයා ඊයේ රාත‍්‍රීයේ සිය බිරිඳ සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර අද දින බිරිඳ සේවයේ නියුතු නිවස අසළට ගොස් මෙසේ සියදිවි හානිකරගෙන ඇත.

මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය අළුත්කෙඩි අංක 03 මහේස්ත‍්‍රාත්තුමා විසින් පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.