ඝන පූර්ණය නැතුව පාර්ලිමේන්තුව කල්තබයි

ඝන පූර්ණය නැතුව පාර්ලිමේන්තුව කල්තබයි

July 23, 2014   06:05 pm

ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි මහතා විසින් අද(23) පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

80 ජුලි වර්ජකයින්ට උපහාර පිදීම සදහා වන යෝජනාවක් අද(23)  පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනි.

අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසිනි.

එම යෝජනාව පිළිබද විවාදය සිදුවන අවස්ථාවේ ඝන පුර්ණය නොමැතිවීමට හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු හෙට(24) දිනය දක්වා කල්තැබීමට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පියවර ගත් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.