වැල්ලම්පිටියේ පුද්ගල ඝාතනයක්

වැල්ලම්පිටියේ පුද්ගල ඝාතනයක්

July 23, 2014   10:46 am

වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.

ඝාතනයට ලක්ව ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

ඝාතනයට ලක්වු පුද්ගලයා තවත් පිරිසක් සමඟ ආරවුලක් ඇති කර ගෙන තිබේ.

එහිදී ඔහු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඇති අතර පසුව වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයාගේ සමීපතයින් පිරිසක් අදාළ පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.