ෆුල් බ්ලාස්ට් සැණකෙළිය අද ඇරඹෙයි

ෆුල් බ්ලාස්ට් සැණකෙළිය අද ඇරඹෙයි

July 23, 2014   07:54 am

ශ්‍රී ලංකාවේ දැවැන්තම අධ්‍යාපන, විනෝද හා වෙළඳ සැණකෙළිය එෆ්.එම්.දෙරණ ෆුල් බ්ලාස්ට් අද(23) ආරම්භ වීමට නියමිතව තිබේ.

අද සිට ලබන 27 වන දින දක්වා පුරා දින 05ක කාලයක් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී එෆ්.එම්.දෙරණ ෆුල් බ්ලාස්ට් සැණකෙළිය පැවැත්වීමට නියමිතය.

අද ආරම්භ වන ෆුල් බ්ලාස්ට් සැණකෙළියට සමගාමීව සමාජ සත්කාරක වැඩසටහන්, අධ්‍යාපන සම්මන්ත්‍රණ, ජංගම සේවා, උපදේශන සේවා, අලෙවි ප්‍රදර්ශන කුටි, විනෝද ක්‍රීඩා, ආදි විශේෂාංග රැසක් සංවිධානය කර තිබේ.

ඕල් රයිට්, පර්පල් රේන්ජ්, ෆැලෑෂ් බෑක්, සන්ෆලවර්, ඇරොස්ටාර් සෙන්ටිග්‍රේට් යන සංගීත කණ්ඩායම් සමඟ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ෆුල් බ්ලාස්ට් ප්‍රසංග වේදිකාව වර්ණවත් කරනු ඇත.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් එම්.ජී.ධනුෂ්ක ද මෙවර ෆුල් බ්ලාස් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කිරීමටද නියමිතය.