රත්තරන් රාජසන්තකයි
July 18, 2014 09:43 am
ග්‍රෑම් 443ක් බරැති, රුපියල් විසිහය ලක්ෂයක් වටිනා රන් බිස්කට් දෙකක් සිය සිරුෙර් සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි යාපනය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිනි මහතා පැවසුවේ ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 172 දරණ ගුවන් යානයෙන් බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ ඇති බවයි.
සැකකරුගේ ගමන් විලාසය ගැන ඇති වූ සැකය මත සිදුකළ පරික්ෂාවකදී මෙම රන් කැබලි සොයාගෙන ඇති අතර ඒ අනූව ඔහුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර එම රන් කුට්ටි දෙක රාජසන්තක කර තිබේ.