දකුණු අප්‍රිකාව පළමු ඉනිමට 455/9යි

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට 455/9යි

July 17, 2014   04:47 pm

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් කඩුලු 9ක් දැවී ලකුණු 455ක් ලබා සිටිනවිට ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදෙන ලදී.

දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් ඩීන් එල්ගාර් ලකුණු 103ක් හා අවසන් මොහොත දක්වා කඩුල්ලේ රැඳී සිටි ජේ.පී ඩුමිනි නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් විය.

පන්දුවෙන් දස්කම් පෑ දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් දවා ගන්නා ලදී.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 268ක් ලබා සිටියේය.