සුවිස් බැංකුවට  ලංකාවේ මුදල් නොයවු බව සීෂෙල්ස් කියයි

සුවිස් බැංකුවට ලංකාවේ මුදල් නොයවු බව සීෂෙල්ස් කියයි

July 16, 2014   07:51 am

ශ්‍රී ලංකාවේ මුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීම සඳහා තම රජය අනුබල නොදුන් බව සීෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පවසයි.

එරට විදේශ අමාත්‍ය ජීම් පෝල් ඇඩම් පවසන්නේ ශ්‍රී ලංකාවේ අරමුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීමට තම රජය අනුබල දුන් බවට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවයි.

සීෂෙල්ස් විපක්ෂ නායක ඩේවිඩ් පීරේ එරට ජාතික සභාවේ දී සිදුකළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් එරට විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී එරට විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර ඇත්තේ ශ්‍රී ලංකාව විසින් විවිධ සංවර්ධන කාර්යන්ගෙන් උපයාගන්නා අරමුදල් සීෂෙල්ස් රාජ්‍යය හරහා සුවිස් බැංකුව වෙත යොමු කර ඇද්ද යන්නයි.

ස්විසර්ලන්තයේ මුල්‍ය අනපනත් දැඩිවීම හේතුවෙන් අනිසි ලෙස උපයාගන්නා මුදල් මෙලෙස වක්‍රාකාරයෙන් එරට සුව්ස් බැංකු වෙත යොමුකිරිමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් සීෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීතිත්‍යානුකූල ආකාරයෙන් තම රටේ සමාගම් හරහා සිදුකරන නීත්‍යානුකුල ගනුදෙනු මගින් හුවමාරු වන මුදල් පිළිබඳව තම රජයට වගකිව නොහැකි බවයි.

එලෙස සුවිස් බැංකුව වෙත සිදුකෙරෙන මුදල් හුවමාරුව අපරාධයක් ලෙස සැලකිය නොහැකි බව ද සිෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි.