මා‍ර අත්ත රියදුරන්ට හර‍ස්වෙයි

මා‍ර අත්ත රියදුරන්ට හර‍ස්වෙයි

July 10, 2014   09:50 am

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට කඩින් කඩ වර්ෂාවත් සමඟ පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොටගල ප‍්‍රාදේශීය රෝහල අසලදී විශාල මාර ගසක අත්තක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ තිබේ.

කඩාවැටුණු ගසේ අතු කපා ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරමිභ කර ඇති අතර අධ්ක වර්ෂාව හා තද සුළං තත්ත්වය හමුවේ ප‍්‍රධාන මාර්ග වල වාහන ධාවනය කිරීමේදී සුපරීක්ෂාකාරී වන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින වර්ෂාවත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්නවී තිබේ.

ඡායා රූ - රංජිත් රාජපක්ෂ