හරීන් - දයාසිරි ගැටුම මේකයි-වාදපිටිය අබ්ලික් හේතුව ඒකයි!

හරීන් - දයාසිරි ගැටුම මේකයි-වාදපිටිය අබ්ලික් හේතුව ඒකයි!

July 9, 2014   05:57 pm

ටී.වී දෙරණ වාදපිටිය කාලීන දේශපාලන වැඩසටහන ඊයේ දිනයේ අතරමගදී අත්හිටුවන්නට සිදුවීම පිළිබඳ බොහෝ දෙනෙකු විවිධ මතිමතාන්තර පළකරනු දක්නට ලැබුණි.

ඒ පිළිබඳ විවිධ තොරතුරු විවිධ පුවත් වෙබ් අඩවිවල පළවන්නට වූ අතර දෙස් විදෙස් සහෘදයින්ගේ සිය ගණනකින් දුරකථන ඇමතුම් ගලාඑන්නට විය.

එබැවින් ඒ පිළිබඳ සැබෑ තතු අනාවරණය කරන්නට අප විසින් කටයුතු කරනු ලැබේ.

වාද පිටිය වැඩසටහනට සහභාගිවූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ වයඹ පළාත් සභා ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් වැඩසටහන අතරවාරයේ අඬදබරයක පැටලීමක් සිදුවිය.

ඊයේ (08) පැවති වැඩසටහනේ සුළු විවේක කාලයකදී වචන හුවමාරුවකින් ඔබ්බට ගිය එම අඬදබරය හේතුවෙන් වැඩසටහන අතරමගදී අත්හිටුවීමට වැඩසටහන් නිෂ්පාදකයින්ට සිදුවිය.

එසේම ගැටුමට දායකවූ දයාසිරි ජයසේකර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් දෙපසට කර ආරක්ෂා සහිතව පිටත්කරවීමටද කටයුතු කරන ලදී.

කෙසේවෙතත් මේ එකී අවස්ථාව නිරූපණය වන සංස්කරණය කළ වීඩියෝ දසුනකින් කොටසකි.