තරුණයා 5000න් අමාරුවේ වැටෙයි

තරුණයා 5000න් අමාරුවේ වැටෙයි

July 9, 2014   10:37 am

ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි තරුණයෙකු බම්බලපිටිය, ෂර්බරි උද්‍යානය අසළ ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බම්බලපිටිය පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු 19 හැවිරිදි බම්බලපිටිය, සිල්වා පටුමඟ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව සඳහන්ය.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබේ.