නයිජීරියාවේ බෝම්බ පිපුරුමකින් 21ක් මරුට
සයුරෙන් එතෙර

නයිජීරියාවේ බෝම්බ පිපුරුමකින් 21ක් මරුට

June 26, 2014   09:16 am

නයිජීරියාවේ සිදුවු බෝම්බ පිපුරුමකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට අගනුවර වන අබුජා හි මෙම පිපුරුම සිදුව ඇති බව සඳහන්ය.

පිපුරුමෙන් පුද්ගලයින් 53 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

ජනාකීර්ණ සාප්පු සංකීර්ණයක් අභියස පිපුරුම සිදුව ඇති බව වාර්තා වේ.

එරට ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු කණ්ඩායමක් වගකීම භාරගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.

මීට පෙර කිහිප අවස්ථාවකදීම බොකොහරාම් නැමැති ඉස්ලාමීය සංවිධානය නයිජීරියාවේ ප්‍රදේශ කිහිපයකම බෝම්බ පිපුරුම් සිදුකර තිබුණි.