එම්.එච්. 370 අතුරුදහන් වී අදට දින  සියයයි
සයුරෙන් එතෙර

එම්.එච්. 370 අතුරුදහන් වී අදට දින සියයයි

June 16, 2014   11:41 am

එම් .එච් 370 මලයාසියානු ගුවන් යානය අතුරුදන් වී අදට දින සියයක් ගත වි තිබේ.

මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් ද ගුවන් යානය අතුරුදන් වී දින සියයක් පිරෙන අද(16) දිනයේ අදාළ ගුවන් යානයේ ගමන් ගත් ඥාතීන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

යානයේ ගමන් ගත් මගීන්ගේ පවුල් වල පිරිස් තවමත් තම අතුරුදන් වූ ඥාතීන් සිය නිවෙස් බලා පැමිණෙනු ඇතැයි සිතා යාඥා කරමින් සිටින බව වාර්තා වෙයි.

යානය අතුරුදන්වීමට නිශ්චිත හේතුව කුමක්ද යන්න අනාවරණය කරන ලෙස අතුරුදන් වූවන්ගේ ඥාතීන් මලයාසියානු බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් යානය ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් තිබියදී පසුගිය මාර්තු මස 08 වනදා අතුරුදන් වුණි.