පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් දැලේ

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් දැලේ

June 14, 2014   08:12 am

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයෙකු අනුරාධපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 ක් , ඩෙටනේටර් 2500ක් , සේවා නුල් 02ක් ඇතුළු භාණ්ඩ තොගයක් එහිදී සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

අදාළ පුපුරණද්‍රව්‍ය තොගය ලොරි රථයකින් ප්‍රවාහණය කරමින් සිටිය දී අනුරාධපුර නගරය ආසන්නයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 53 හැවිරිදි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.