සචිත්‍රගේ  පරීක්ෂණය එංගලන්තයේදී

සචිත්‍රගේ පරීක්ෂණය එංගලන්තයේදී

June 9, 2014   07:20 pm

පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවූ ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායකගේ විශේෂ පරීක්ෂණය එංගලන්තයේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේදී සිදුකරන බව වාර්තා වෙයි .

සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූයේ එංගලන්තය සමඟ පැවැති 4 වන එක්දින තරගයේදීය.

කෙසේ වෙතත් දින 21ක් ඇතුළත සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයක් අවසන් කළ යුතු වෙයි.