කල්තොට සෙල්ලිපි වලින් පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක්

කල්තොට සෙල්ලිපි වලින් පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක්

May 30, 2014   09:51 am

කල්තොට, දියවින්න ප්‍රදේශයෙන් සොයාගත් සෙල්ලිපි වලින් වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් අනාවරණය වී තිබේ.

බලංගොඩ, කල්තොට, දියවින්න - කිරිමකුළුතැන්න ප්‍රදේශයේ වසර 06ක පමණ කාලයක සිට පුරාවිද්‍යා පරික්ෂණ ක්‍රියාත්මකය.

එහිදී සෙල්ලිපි සියගණනක් හමුවී ඇති අතර ඒවා තුළින් වසර 4400කට පමණ පෙර ඉතිහාසය පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ අදාළ කාලය තුළ ජීවත් වූ ජනතාවගේ ක්‍රියාකලාපයන් සහ බෞද්ධ දර්ශනය පිළිබඳ තොරතුරු රැසක් මෙමගින් හෙළිකරගත් බවයි.