ඌවේ දෙදෙනෙක් විමල් හැරයති-කෙනෙක් නිල්-අනෙකා කොළ වෙයි

ඌවේ දෙදෙනෙක් විමල් හැරයති-කෙනෙක් නිල්-අනෙකා කොළ වෙයි

May 22, 2014   11:30 am

ඌව පළාත් සභාවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කපිතාන් මිහිමල් මුණසිංහ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂය සමග විපක්ෂයේ අසුන් ගෙන තිබේ.

අද (22) පැවති ඌව පළාත් සභා රැස්වීමේදී හෙතෙම මෙලෙස විපක්ෂයේ අසුන්ගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ අතර ඌව පළාත් සභාව නියෝජනය කළ ජාතික නිදහස් පෙරමුණේ තවත් මන්ත්‍රීවරයෙකු වන ඩබ්ලිව්.ඒ උදය කුමාර මහතා ද ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බව ප්‍රකාශ කළේය.

2010 පළාත් සභා මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කළ මුණසිංහ මහතා මනාප ලැයිස්තුවේ 6 වැන්නා ලෙසත්,මොණරාගල දිස්ත්‍රීක්කයෙන් ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් සන්ධානයෙන් තරඟ කළ උදය කුමාර මහතා එහි තෙවන ස්ථානයට මනාප ලබා තේරීපත්වී සිටියහ.

කෙසේ වෙතත් අද පැවති සභා රැස්වීමට ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී නොවූ අතර පළාත් අමාත්‍ය අනුර විදානගමගේ මහතා ප්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාටම ‘සුභ අනාගතයක්‘යයි සුභ ප්‍රාර්ථනා කළේය.

ඌව පළාත් සභා මැතිවරණය නුදුරු කාලය තුළ පැවැත්වීමට නියමිතව ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ දිනවල රජයේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කරමින් තවදුරටත් රජය සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටියි.