පුපුරන ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් මතුවෙයි

පුපුරන ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් මතුවෙයි

May 14, 2014   02:42 pm

හමුදා භට පිරිස් විසින් උතුරු ප්‍රදේශයේ සිදුකරන ලද සොදිසි මෙහෙයුම් වලදී පුපුරණද්‍රව්‍ය ඇතුළු යුධ උපකරණ තොගයක් සොයාගෙන තිබේ.

මහිලන්කුලම්, සරසාලේ , අරියාලේ , පෙරියපච්චිල පලෙයි සහ උදයාර්කට්ටු යන ප්‍රදේශ වල සිදුකරන ලද සෝදිසියක දී මෙම යුධ උපකරණ සොයාගෙන ඇති බව යුධ හමුදාව සඳහන් කරයි.

ඒ අනුව අත්බෝම්බ 15 ක් , ක්ලේමෝ බෝම්බ 02ක් , පුද්ගල නාශක බෝම්බ 01ක්, පීඩන බෝම්බ 01ක් සහ ආර්.පී.ජී බෝම්බ 01ක් මෙලෙස සොයාගෙන ඇති බව සඳහන්ය.

මීට අමතරව මීටර් 25ක් දිගැති ඩෙටනේටර් රැහැනක් සහ හඳුනානොගත් පුපුරණ උපකරණ 02ක් ද අදාළ සෝදිසියේ දී සොයාගෙන තිබේ.