ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවට බ්‍රිතාන්‍යයත් වගකිවයුතුයි

ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවට බ්‍රිතාන්‍යයත් වගකිවයුතුයි

May 5, 2014   03:44 pm

ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව වර්ධනය කරවීමට බ්‍රිතාන්‍යයද යම් කාර්ය භාර්යයක් ඉටු කළ බව අමෙරිකානු මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන ආචාර්ය රැන්ඩි සෝර්ට් පවසයි.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ සිංහල ජනයා ද්‍රවිඩ ජනයාට යටපත්ව තබාගැනීම ඊට එක් හේතුවක් බව හෙතෙම කියා සිටියි.

යුරෝපීයන් ගිය ගිය තැන්හි මෙවන් අර්බුද නිර්මාණය කරන බව ආචාර්ය රැන්ඩි පවසා ඇත්තේ ‘විවිධ රටවල වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා“යන තේමාව ඔස්සේ ප්‍රෙස් ටී.වී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

‘ගරුත්වය මානව හිමිකම් හා සාම සංවිධානයේ‘සාමාජිකයෙකු වන ආචාර්ය රැන්ඩි සෝර්ට් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද එහිදී චෝදනා කර ඇත.

ලෝකයේ මෙවැනි ගැටළු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියා පිළිවෙතද පක්ෂග්‍රාහී බව ආචාර්ය රැන්ඩි සෝර්ට් පෙන්වාදෙයි.