තරුණයා මැරේ - තරුණිය රෝහලේ

තරුණයා මැරේ - තරුණිය රෝහලේ

April 19, 2014   10:45 am

මොණරාගල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ හොරොම්බුව හන්දිය ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තරුණියක් තුවාල ලබා තිබේ.

යතුරුපැදියක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලැබු පැදිකරු සහ පසුපැදිකාරිය මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තරුණයා මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ කහන්බාන, අඹගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.