ටී.එන්.ඒ. දකුණු අප්‍රිකාවේ!

ටී.එන්.ඒ. දකුණු අප්‍රිකාවේ!

April 11, 2014   11:09 am

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් දකුණු අප්‍රිකාවේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා වල නිරත වී තිබේ.

වාර්ගික අර්බුදය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිත පිරිස දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වේ.

පසුගිය 09වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය ඔවුන් හෙට යළි දිවයිනට පැමිණිමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමාගේ විශේෂ නියෝජිත සිරිල් රමපෝසා මහතා සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් ද පසුගිය පෙබරවාරි මාසයේ දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත විය.

මෙරට වාර්ගික ගැටළුවට විසදුම් සෙවීම සහ යුද්ධයෙන් පසු ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ දකුණු අප්‍රිකානු අත්දැකීම් ලබාගැනීම එම සංචාරයේ අරමුණ විය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වු දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙරට ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සිය රටේ අත්දැකීම් ලබාදීම සඳහා එකගතාව පළ කර තිබුණි.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වු යෝජනාවට අදාළව දකුණු අප්‍රිකාව ඡන්ද දීමෙන් වැළකි සිටියේය.