ඉන්දීය මහ මැතිවරණය අදයි
සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය අදයි

April 7, 2014   12:15 pm

ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද(07)  පෙරවරුවේ ආරම්භ වී තිබේ.

ඉන්දියාවේ මිලියන 814ක පමණ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අද දිනයෙන් ආරම්භ වන ඉන්දිය මහ මැතිවරණය අදියර 09ක් ඔස්සේ මැයි මස 12 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරිම මැයි මස 16 වන දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වෙයි.

මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ලෙස ඉන්දිය කොංග්‍රස් පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය පෙරමුණ ගෙන සිටියි.

ඉන්දීය ලෝක් සභාව ලෙස හැඳින්වෙන පහළ මන්ත්‍රි මණ්ඩලයේ ආසන 543න් ආසන 272ක බහුතරයක් හිමි කරගන්නා දේශපාලන පක්ෂයට නව ආණ්ඩුක ස්ථාපිත කිරිම සඳහා අවස්ථාව උදාවෙනු ඇත.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතා සිය ධුරයෙන් ඉවත්වු පසු රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ නායකත්වය ගනු ඇති බවට වාර්තා පළවෙයි.

හින්දු ජාතිකයින් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටින නරේන්ද්‍ර මූඩි විසින් භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය දරයි.

ඉන්දියාවේ පැවති පූර්ව මැතිවරණ වල දී ද භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මූඩි පෙරමුණ ගෙන සිටි බැවින් මෙවර මහ මැතිවරණය ඉන්දීය ප්‍රධාන විපක්ෂය යටතේ තරඟ කරන නරේන්ද්‍ර මූඩි ජයගනු ඇති බවට දේශපාලන විචාරකයින් අදහස් පළ කරයි.