චන්දිමාල් අද නෑ

චන්දිමාල් අද නෑ

April 3, 2014   11:50 am

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද (03) පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරඟයෙන් ඉවත් වී තිබේ.

ඒ වෙනුවට ලසිත් මාලිංග අද තරඟයේදීත් කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

දිනේෂ් චන්දිමාල් එංගලන්තය සමග පැවැති තරඟයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව අවසන් නොකිරීම නිසා එක් තරඟයක් තහනම් කෙරිණ.

එම තහනමට අනූව නවසීලන්තය සමග පැවැති තරඟයට ඔහු ක්‍රීඩා නොකළේය.

එකී තහනමෙන් පසු අද තරඟයට ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද ඔහු වෙනුවට බොහෝ දුරට ඉකුත් තරඟයට ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්නට අද තරඟයේදීත් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.