දේවස්ථානයට පහරදුන් බව කියූ ඥානසාර හිමි ඇතුළු පිරිස් නිදොස් කොට නිදහස්
April 2, 2014 12:49 pm
තලාහේන,අරලිය පෙදෙස කල්වාරි දේවස්‌ථානයට පහරදීමේ නඩුවේ විත්තිකරුවන් වුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනා අද (02) කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවන මහත්මිය විසින් මෙම සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
2008 ජුලි 7 දා තලාහේන අරලිය පෙදෙස කල්වාරි දේවස්‌ථානයට පහරදුන් බවට සිද්ධියට අදාළව එස්. ඒ. අතුල සෙනවිරත්න, ඩබ්. එම්. සුදු බණ්‌ඩා, එච්. තමරා බියට්‍රිස්, ඒ. කේ. ඩෙන්සිල් ප්‍රේමකුමාර පෙරේරා, ඩී. එස්. පී. කඳනආරච්චි, ටී. කේ. සෝමදාස, ඊ. එච්. වික්‌ටර් රත්නායක, කේ. ඩබ්. කරුණානන්ද, ඊ. එච්. එම්. රත්නායක, අක්‌කරගම ඥනවිමල හිමි, ගලගොඩඅත්තේ ඥනසාර හිමි, අගුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමි හා ධනුෂ්ක සංජිව නමැති විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්විණි.
නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් තලාහේන අරලිය පෙදෙසේ කල්වාරි දේවස්‌ථානයට පහරදී රුපියල් 50 කට වැඩි අනර්ථයක් සිදුකිරීම, එහි පාස්‌ටර්වරුන් වන සිඩ්න් රොෂාන් ඇන්ඩ්‍රීසන් හා ජෝන් ඇන්ටන් ඇන්ඩ්‍රීසන් යන අයට පහරදී තුවාල සිදුකිරීම, ජෝන් ඇන්ටන් ඇන්ඩ්‍රීසන් සන්තකයේ තිබූ රුපියල් 15,000 ක් වටිනා ජංගම දුරකථනය පැහැර ගැනීම, සිඩ්නි රොෂාන් ඇන්ඩ්‍රීසන් සන්තකයේ තිබූ රුපියල් 50,000 ක් වටිනා රත්‍රන් මාලයක් කොල්ල කෑම, ආදී චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙකී චෝදනා ගොනු කර තිබිණි.
කෙසේ වෙතත් සැකකරුවන් මේවන විට නිදොස්වී තිබේ.