එල්.ටී.ටී.ඊය ඇතුළු ඔවුන්ට හිතවාදී සංවිධාන 16ක් ලංකාවේ තහනම්!

එල්.ටී.ටී.ඊය ඇතුළු ඔවුන්ට හිතවාදී සංවිධාන 16ක් ලංකාවේ තහනම්!

April 1, 2014   03:38 pm

එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළුව එම සංවිධානයට සහය ලබාදෙන සංවිධාන 16ක් මෙරට තුළ තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අංක 1373 යන යෝජනාව යටතේ මෙම තහනම පනවා ඇත.

අමෙරිකාවේ පෙන්ටගනයට 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අමෙරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක් ජගත් ආරක්ෂක කවුන්සිලයේදී සම්මත විය.

එකී යෝජනාවට අනූව ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට බලය පැවරී තිබේ.

ඒ අනූව එල්.ටී.ටි.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සහය ලබාදෙමින් විදේශීය රටවල සිට ක්‍රියාත්මක වන බව කියන සංවිධාන 15ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.

මෙම සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ද ඒවා එම රටවල තහනම් කිරීමට හැකියාවක් ඇති බව හෙතෙම කියා සිටියේය.

එල්.ටී.ටී.ඊය ඇතුළුව ශ්‍රී ලංකාව තුළ එසේ තහනමට ලක්කර ඇති සංවිධාන පහත පරිදිය.



1 දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය

2දෙමළ පුනරුත්ථාපන සංවිධානය නොහොත් ටී.ආර්.ඕ

3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව නොහොත් ටී.සී.සී

3 බ්‍රිතාන්‍ය දෙමළ සමුළුව

4 ලෝක දෙමළ ව්‍යාපාරය

5 කැනේඩියානු දෙමළ කොංග්‍රසය

6 ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය

7 ගෝලීය දෙමළ සම්මේලනය

8 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය නොහොත් මක්කල් අවෙයි

9 දෙමළ ජාතික කවුන්සිලය

10 දෙමළ තරුණ සංවිධානය

11 ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව

12 කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය

13 දෙමළ ඊළාම් ජනතා එකතුව

14 ලෝක දෙමළ සහනාධාර අරමුදල

15 මූලස්ථාන සංවිධානය

එසේම පෙරින්බනයගම් සිවපරන් නොහොත් නෙදියවන්, විසුවනාදන් රුදිරකුමාරන්, සෙකරම්පිල්ලෙයි විනයාගමූර්ති නොහොත් විනයාගම් හා එමැනුවෙල් පියතුමා යන අය ඉහත සඳහන් කළ සංවිධාන හා සම්බන්ධතා පවත්වන බවද හඳුනාගෙන තිබේ.

ඒ අනූව මොවුන්ද අත්අඩංගුවට ගැනීමට මේ යටතේ හැකියාව ඇතැයි ආරක්ෂක අංශ පවසයි.