දුලාංජලීගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

දුලාංජලීගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

March 25, 2014   08:08 pm

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරියක වන දුලංජලී ප්‍රේමදාස මහත්මිය රුපියල් ලක්ෂ 20 ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව පොලීසිය පවසයි.

කුරුඳුවත්ත ප්‍ර දේශයේ පිහිට අදාළ පෞද්ගලික බැංකුවට රුපියල් 5000 නෝට්ටු 400ක් මෙලෙස ඇය විසින් තැන්පත් කිරීමට සුදානම් වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුලංජලී ප්‍රේමදාස මත්මියගෙන් ප්‍රශ්න කර සිටියදී අදාළ මුදල් තොගය ඇයට වෙනත් පුද්ගලයෙකු විසින් ලබා දුන් බව හෙළිදරව් වී තිබේ.

ඉන් අනතුරුව පොලීසිය විසින් දුලංජලී ප්‍රේමදාස මහත්මියට අදාළ ව්‍යාජ මුදල් තොගය ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් මේ වන විට දුලංජලී ප්‍රේමදාස මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවද වාර්තා වෙයි.