ඇල්පිටියේ විහාරාධිපති හිමිනමකට මැර ප්‍රහාරයක්

ඇල්පිටියේ විහාරාධිපති හිමිනමකට මැර ප්‍රහාරයක්

March 15, 2014   10:10 am

ඇල්පිටිය, 09 කණුව ප්‍රදේශයේ පිහිටි සරණංකර විහාරයේ විහාරාධිපති පුජ්‍ය වෑත්තෑවේ පඤ්ඤාතිස්ස හිමියන්ට කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබේ.

අද අලුයම 4.30 ට පමණ මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු ස්වාමීන්වහන්සේ මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයේ මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.