බණ්ඩාරනායක විදුහලේ අර්බුදයට හේතුව ශිෂ්‍යභට කණ්ඩායම් භාර ආචාර්යවරයා හා පිරිසේ ක්‍රියාකලාපයයි
March 3, 2014 04:44 pm
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ශිෂ්‍යභට කණ්ඩායමේ මෙහෙයවීම මත පාසලේ සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගන්නා ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් සහ ශිෂ්‍යභට බලකා මූලස්ථානයෙන් ඉල්ලා සිටියි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
එකී නිවේදනයේ මෙසේද සඳහන්වේ.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ශිෂ්‍ය භට කණ්ඩායම් 4 ක් පවතින අතර මෙම භට කණ්ඩායම් භාර ආචාර්යවරයා ඇතුළු පිරිස පාසල් පරිපාලනය සම්බන්ධයෙන් බරපතළ ව්‍යාකූලතාවයක් පසුගිය දින කිහිපයක සිට ඇති කරමින් සිටියි. පාසලේ සරඹ සන්දර්ශනය සම්බන්ධයෙන් දරුවකුට පහරදීම හරහා පොලීසියට සිදු කළ පැමිණිල්ල හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ පරීක්ෂා කිරීම මෙම ගැටළුවට ආසන්න හේතුව වී ඇතැයි අප විශ්වාස කරමු.
අද දින (03) පාසල තුළට බලහත්කාරයෙන් ඇතුළුවීම හා සිදුකළ පහරදීම් දැඩි පිළිකුලෙන් හෙළා දකිමු. මේ තත්ත්වය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට හා ශී‍්‍ර ලංකා ශිෂ්‍යභට බලකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් සූරියකුමාර මහතාට ද පැමිණිලි කොට ඇත.
අධ්‍යාපන ලේකම්වරයා යටතේ පාලනය වන ජාතික පාසලක් වන බණ්ඩාරනායක විදුහලේ මේ වන විට සිදු කර ඇති අලාභය සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි.
පාසල් ශිෂ්‍යභට කණ්ඩායම්වල කි‍්‍රයාකාරකම් මේ වන විට බරපතළ ව්‍යාකූලතාවයකට පත්කොට ඇති අතර ඒවා පිහිටුවන ලද අරමුණු අභිබවා යමින් පාසල් පරිපාලනයට බාධාවන ආකාරයෙන් කටයුතු කෙරෙන තත්ත්වයක් ඇති වී ඇත්තේ ආණ්ඩුව කර්නල් තනතුරු ඇතුළු විවිධාකාර තනතුරු විදුහල්පතිවරුන්ට පිරිනමමින් පාසල් පද්ධතිය හමුදාකරණය කිරීමේ කි‍්‍රයාවලිය නිසාය. මෙම කි‍්‍රයාවලියේ ප‍්‍රතිවිපාක පිළිබිඹු වන ස්ථානයක් බවට මේ වන විට ගම්පහ බණ්ඩාරනායක විදුහල පත්ව ඇත.
මේ වන විට ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව ශිෂ්‍යභට කණ්ඩායම් මෙහෙයවමින් සිදු කරන කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කොට විදුහල්පතිවරයාට සුදුසු ආරක්ෂාවක් සපයා එම විදුහල්පතිවරයා යටතේම මෙම පාසල කඩිනමින් විවෘත කරන ලෙස ඉල්ලා සිටිමු. එසේම මෙම කලහකාරී කණ්ඩායම්වල බලපෑම මත පාසල දින නියමයක් නැතිව වසා තැබීම වෙනුවට සමස්ත සිසු දරුන්ගේ යහපත වෙනුවෙන් පාසල විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.