ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර පෝල් ෆාබ්‍රේස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර පෝල් ෆාබ්‍රේස්ට

December 20, 2013   06:28 pm

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සහය පුහුණුකරුවකු වන පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබේ.

ඒ අනූව ලබන වසරේ ජනවාරී මස 1 වැනිදා සිට ඔහුගේ පත්වීම බලපැවැත්වෙන අතර එය වසර 2ක කොන්ත්‍රාත් කාලයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසින් ජාතික කණ්ඩායමට සුදුසු පුහුණුකරු ලෙස පෝල් ෆාබ්‍රේස් තෝරාගෙන ඇත.

සුදුසු පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරාපත් කර ගැනීම සඳහා එම කමිටුවට පැවරී තිබුණි.

46 වන වියේ පසුවන පෝල් ෆාබ්‍රේස් එංගලන්ත ජාතිකයෙකි.

ඔහු කඩුලු රකින්නෙක් සහ දකුණත් පිතිකරුවෙකු ලෙස ද ක්‍රීඩා කර ඇත.