ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

November 4, 2013   08:38 am

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද(04) සිදු කෙරෙයි.

නාවික හමුදාව ප්‍රකාශ කළේ ඉන්දියාවේ ගෝවා ප්‍රදේශය ආශ්‍රිතව මෙම යුද අභ්‍යාසය ක්‍රියාත්මක කරන බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘සාගර‘ නෞකාව ද එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

අද ආරම්භවන යුද අභ්‍යාසය ලබන 8වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

සෑම වසරකම දෙරට අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදු කෙරෙන අතර පසුගිය වසරේදි ත්‍රිකුණාමලය ආශ්‍රිත මුහුදේ දි එම යුද අභ්‍යාසය පැවැත්වුණි.