දුම්වැටි හා මධ්‍යසාර ගෙන්වීම වළකන්න බැරි ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් නිසයි

දුම්වැටි හා මධ්‍යසාර ගෙන්වීම වළකන්න බැරි ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් නිසයි

November 3, 2013   08:54 am

දුම්වැටි සහ මධ්‍යසාර රට තුළට ගෙන්වීම වැළැක්වීමට ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අනුව හැකියාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ජනතාව දැනුවත් කිරීම මගින් දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය අවම කිරීමට පියවර ගත යුතු බවය.

දුම්වැටි අසුරණවල සියයට 80ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අදාළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බව හෙතෙම කියයි.

එකී නඩුව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන බවද අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසිය.