පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය නොකළ යුතුයි

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය නොකළ යුතුයි

October 21, 2013   10:39 am

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීම සිදු නොකළ යුතු බව කැනේඩියානු හිටපු අග්‍රාමාත්‍ය බ්‍රයන් මුලරෝනි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව වර්ජනය කිරිමට කැනේඩියානු රජය ගෙන ඇති තීරණය නොහොබිනා ක්‍රියාවක් බවයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැනේඩියානු හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

කැනේඩියානු රජය ගෙන ඇති තීරණය තුළින් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර කැනඩාවේ උදාරත්වය හා ජාත්‍යන්තර සබඳතා බිඳවැටෙන බව බ්‍රයන් මුලරෝනි මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන බව එරට අග්‍රාමාත්‍ය ස්ටෙෆාන් හාපර් මහතා මීට පෙර දනුම් දී තිබුණි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පාදක කරගනිමින් කැනඩාව මෙම තීරණයට එළැඹි බව කැනඩානු අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කරන ලදී .

කෙසේවෙතත් හිටපු අග්‍රාමාත්‍ය බ්‍රයන් මුලරෝනි මහතා පෙන්වා දෙන්නේ අදාළ ගැටලු වලට විසඳුම් ලබා ගත යුත්තේ සමුළුවට සහභාගීවීමෙන් බවයි.