කමලේෂ් ශර්මාට තනතුරින් ඉල්ලා අස්වීමට අවශ්‍යතාවයක් නෑ

කමලේෂ් ශර්මාට තනතුරින් ඉල්ලා අස්වීමට අවශ්‍යතාවයක් නෑ

October 12, 2013   05:14 pm

කැනඩාව චෝදනා කළ ද සිය තනතුරින් ඉල්ලා අස්වීමට පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතාට අවශ්‍යතාවක් නොමැති බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසයි.

කමලේෂ් ශර්මා මහතා ශ්‍රී ලංකාවට පක්ෂපාතීව කටයුතු කරන බව කැනඩාව පසුගිය දා චෝදනා කර තිබුණි.

එලෙස චෝදනා කළත් ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් ඉතා සමීපව කටයුතු කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය කටයුතු කරන බව එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ද එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම ඔවුන් කටයුතු කරනු ඇති බවට එම ප්‍රකාශකයා විශ්වාසය පළ කරයි.

මේ අතර පසුගිය දා කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගි නොවන බවයි.

එමෙන්ම මෙම සමුළුව සඳහා ලබා දෙන මුල්‍ය ආධාර ලබාදීම පිළිබදව සලකා බලමින් සිටින බව ද ඔහු පසුගියදා ප්‍රකාශ කර තිබුණි.