හොර වාර්තාවක් ඉදිරිපත් කළ වෛද්‍ය නිලධාරීනිය මාට්ටු

හොර වාර්තාවක් ඉදිරිපත් කළ වෛද්‍ය නිලධාරීනිය මාට්ටු

September 27, 2013   08:18 am

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකස් කර දුන් ඉංගිරිය රජයේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනියට ඔක්තෝබර් 8 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දල කලංසූරිය මහතා නියෝග කර තිබේ.

අධිකරණයේ පවතින නඩුවක විත්තිකරුවෙකුව සිටින රජයේ පාසලක විදුහල්පතිවරයෙකු නියමිත දිනය අධිකරණයේ පෙනී නොසිටීමට හේතු වශයෙන් අදාළ වෛද්‍ය වාර්තාව සකස් කරදී ඇති බව අනාවරණය වී ඇත.

මේ අතර හොරණ රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව ප්‍රදේශවාසින්ගෙන් පැමිණිළි රැසක් ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

එබැවින් අදාළ වෛද්‍ය අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස එම සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.