රතුපස්වල ජනයා නොසන්සුන් - ජන ජීවිතයට බාධා එල්ල වෙයි
August 1, 2013 06:10 pm
මේ වන විට බැලුම්මහර හන්දියේ පැවැත්වෙන රතුපස්වල ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
පැය කිහිපයක ආසන්න කාලයක සිට බැලුම්මහර හන්දියේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණය හේතුවෙන් ජන ජීවිතයටද බාධා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා පොලීසියට සහය දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට මැදිහත් වීමට සිදු වූ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අද දෙරණට පැවසීය.
මේ වන විටත් මතු වී ඇති අර්බුදය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා සමඟ රතුපස්වල ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සාකච්ඡා කිරමින් සිටියි.
ඒ හේතුවෙන් උද්ඝෝෂණයේ නියැලි සිටින ප්‍රදේශවාසීන්ට විසිරි යන ලෙස පොලීසිය විසින් කළ ඉල්ලීම ජනතාව ප්‍රතික්ෂේප කිරීම නිසා යුධ හමුදාවේ සහය ලබා ගනිමින් විරෝධතාකරුවන් පළවා හැරීමට සිදුවූ බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කරන ලදී.
කෙසේ වෙතත් මේ වන විට විරෝධතාකරුවන් ආරක්ෂක අංශ විසින් පළවා හැරීම හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය යථා තත්ත්වයට පත්ව ඇති බව පොලිස් ප්‍රකාශක පැවසීය.