එජාපය හැර යන්න අදහසක් නෑ
July 19, 2013 09:51 pm
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එම පක්ෂයේ කුරණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස පවත්වා තිබේ.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව පවත්වා ඇති අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇත.
ඉදිරි මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහය ලබා ගැනීම ගැන සාකච්ඡාවට ලක්ව තිබේ.
එසේම දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්වන බවට ප්‍රකාශ වන විවිධ ආරංචි මාර්ග ගැනද එහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර එජාපය හැර ආණ්ඩුවට එක්වීමේ අදහසක් නැති බව දයාසිරි ජයසේකර මහතා එහිදී පවසා ඇතැයි වාර්තාවේ.
එම සාකච්ඡාවට පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද එක්ව ඇතැයි සඳහන්ය.