දයාසිරිට - බුද්ධිකට එරෙහි විනය පරීක්ෂණ ඉවරයි
July 16, 2013 10:57 pm
එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර හා බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන්ට එරෙහිව පවත්වනු ලැබූ විනය පරීක්ෂණ ඔවුන් සමග වූ එකඟතාව මත අවසන් කළ බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පක්ෂයේ ව්‍යවස්ථාවට හා විනයට අනුකූලව පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳ වගකීමෙන් කටයුතු කරන බවට ඇතිවූ එකඟතාව මත මෙම තීරණය ගත් බව අත්තනායක මහතා කියා සිටියි.
එසේම පක්ෂ මූලස්ථානයට පහරදීම, පක්ෂයේ තීරණයට පිටින් හයිඩ් පාර්ක් රැළියට සහභාගීවීම යන චෝදනා යටතේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරනු ලැබූ පිරිසගෙන් සිව් දෙනකු අභියාචනා ඉදිරිපත් කර තිබුණු බව මහ ලේකම්වරයා පවසයි.
ඒ අනුව එම සිව්දෙනා පිළිබඳ සලකා බලා ඔවුන්ට යළි පක්ෂ සාමාජිකත්වය ලබාදීමට තීරණය කළ බව අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.