එජාප මන්ත්‍රීන් අත්අඩංගුවට ගන්න උවමනාවක් නෑ

එජාප මන්ත්‍රීන් අත්අඩංගුවට ගන්න උවමනාවක් නෑ

May 23, 2013   01:56 pm

ෆෙඩ්රික් නියොමාන් පදනම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේ වෑයමක් හෝ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බව පොලීසිය පවසයි.

ෆෙඩ්රික් නියොමාන් පදනම මෙරට තුළ ක්‍රියාත්මක වීමේදී නීත්‍යානුකූල සීමාවන් ඉක්මවා ක්‍රියාකර ඇද්ද යන්න පිළිබඳ විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව එම පදනමේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය වන සාගරිකා දෙල්ගොඩ මහත්මියගෙන් එම පදනමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේතුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේය.

ෆෙඩ්රික් නියොමාන් පදනමේ වැඩමුළුවකට සහභාගී වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් පවතින බව ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණි.