කුවේටයත් පොදුසමාව දෙයි?
May 23, 2013 11:35 am
කුවේට් හි අනවසරයෙන් රැඳී සිටින විදේශිකයින් සඳහා පොදුසමාකාලයක් ලබාදීම කෙරෙහි එරට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, ඉතියෝපියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසකින් පැමිණි ශ්‍රමිකයින් විශාල පිරිසක් මේ වන විට අනවසරයෙන් කුවේට් හි රැදී සිටින බව සඳහන්ය.
අනවසරයෙන් රැදී සිටින මෙවැනි ශ්‍රමිකයින් නීති විරෝධි ක්‍රියාවන්වල නිරත වන බවත් ඒ හේතුවෙන් තම රටට විශාල ආදායමක් අහිමි වී ඇති බවත් කුවේට් රජය සඳහන් කර තිබේ.
පොදු සමාකාලය තුළ රජයට භාරවන විදෙස් ශ්‍රමිකයින් සඳහා නැවත වීසා ලබාදීම සහ ගැටලුවකින් තොරව ඔවුන්ගේ රටවලට යාමට අවස්ථාව සැලසීමට ද කුවේට් රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ වීමසීමකදී කුවේට් හි ශ්‍රී ලංකා තානාපති සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා සඳහන් කළේ මෙම පොදු සමාකාලය පිළිබඳ තමා දැනුවත් නමුත් ඒ පිළිබඳ කුවේට් රජය නිල දැනුම්දීමක් තම කාර්යාලයට සිදුකර නොමැති බවයි.