වයසක ජපනා ලෝක වාර්තාවක් තබයි

වයසක ජපනා ලෝක වාර්තාවක් තබයි

May 23, 2013   11:20 am

ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද තරණය කළ වයස් ගතම පුද්ගලයා බවට පත්වීමට ජපාන ජාතිකයෙකු සමත්ව තිබේ.

80 හැවිරිදි යුචිරෝ මියුරා මීටර් 8848ක් උස එවරස්ට් කන්ද තරණය කර එම වාර්තාවට හිමිකම් කීමට සමත්ව ඇත.

මීට පෙර අවස්ථා දෙකකදී ද යුචිරෝ මියුරා එවරස්ට් කන්ද තරණය කර තිබේ.

වයස අවුරුදු 70 දී සහ වයස අවුරුදු 75 දී ඔහු එවරස්ට් කන්ද තරණය කර ඇති බව සඳහන්ය.

ඒ අනුව යුචිරෝ මියුරා විසින් නේපාල ජාතික බහදූර් සර්චාන් විසින් තබන ලද වාර්තාව බිඳ හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සර්චාන් වයස අවුරුදු 76 දී එවරස්ට් කන්ද තරණය කරමින් එම කන්ද තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්ව සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට 81 ක් හැවිරිදි වියේ පසුවන සර්චාන් ලබන සතියේදී යළිත්වරක් එවරස්ට් කන්ද තරණය කිරීමට සූදානමින් සිටින බව සඳහන්ය.