මෙරට හැදූ ගිනි අවි 14ක් පොලීසියට මාට්ටු

මෙරට හැදූ ගිනි අවි 14ක් පොලීසියට මාට්ටු

May 23, 2013   09:56 am

නීති විරෝධී ලෙස මෙරට නිපදවූ ගිනි අවි 14 ක් සමග සැකකරුවෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී 8.30 ට පමණ සැකකරුව ගිනි අවිද සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නවගත්තේගම, කුරුකැටියාව, අතුරුපොළයාගම පදිංචි 48 හැවිරිදි අයෙකි.

මෙරට නිපදන ලද ගිනි අවි භාවිතා කරමින් සැකකරු විසින් නිරන්තර වන සතුන් දඩයම් කරන බවට පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙම ගිනි අවි නිපදවන ලද්දේ කව්රුන් විසින්ද යන්න මෙතෙක් හෙළි වී නැත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.