ගුටි බැට හුවමාරුවකින් කැලණිය ප්‍රා.සභා සභාපති රෝහලේ!
May 23, 2013 09:37 am
කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා හා තවත් අයෙකු අතර සිදුව ඇති ගැටුමකින් පසු දෙදෙනාම කිරිබත්ගොඩ රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබන බව අද දෙරණ වාර්තාකරු පවසයි.
කැලණිය ප්‍රදේශයේ අද (23) පෙරවරුවේ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වී ඇති සභාපතිවරයා හා තවත් අයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ගැටුමක් හටගෙන ඇත.
මෙම ගැටුමට මුල පිරූ අනෙක් පුද්ගලයාද සභාපතිවරයා නියෝජනය කරන සන්ධාන පක්ෂයේම අයෙකු බව පොලීසිය කියයි.
ඒ අනුව මොවුන් දෙදෙනාම මේවන විට කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.