වසර අවසන් වීමට පෙර උසස් පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන වරම්
May 23, 2013 08:35 am
2012 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම මේ වසර අවසන් වීමට පෙර සිදුකරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
අදාළ සිසුන් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය අත්පොත නිර්මාණය කිරිම මේ දිනවල සිදුවන බව එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සඳහන් කළේය.
ඉදිරි සතිය ඇතුළත එම පොත නිර්මාණය කිරීමේ කටයුතු අවසන් කළ හැකි බව ඇය පැවසීය.
ඒ අනුව ජුලි මස මුල සිට විශ්ව විද්‍යාල සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසර සඳහා ද විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පැවසුවේය.