හොරෙන් කපා හැංගූ තේක්ක දැව මාට්ටු

හොරෙන් කපා හැංගූ තේක්ක දැව මාට්ටු

May 22, 2013   11:00 pm

නීති විරෝධී ලෙස කපන ලද තේක්ක දැව තොගයක් මාදුරුඔය රක්ෂිතයේ සඟවා තිබිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය ලද තොරතුරකට අනුව ඉද්දපොළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමේ දී මෙම දැව තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.

ඒ අතර විවිධ ප්‍රමාණයෙන් යුත් තේක්ක දැව කඳන් 10ක් පමණ සොයාගෙන ඇති බව වාර්තා වේ.

දැව තොගයේ වටිනාකම රුපියල් 30,000 ක් පමණ වන බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මේවන තෙක් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේය.