වන අලි පහරින් අයෙක් මරුට

වන අලි පහරින් අයෙක් මරුට

May 22, 2013   10:23 pm

පොළොන්නරුව , අරලගංවිල ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (22) අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි එක් දරු පියෙකි.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර තිබේ.