ලක්ෂ 40 බදු වංචාවක් - හොර ලියවිලි හදා බඩු ගෙන්වලා
May 22, 2013 03:58 pm
ආයෝජන මණ්ඩලයේ ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස්කරමින් නීති විරෝධී ලෙස මෙරටට භාණ්ඩ ගෙන්වීමේ ජාවාරමක තොරතුරු හෙළිව තිබේ.
රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් සිදුකරන ලද දීර්ඝ කාලීන විමර්ශනයකින් අනතුරුව මේ පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව සදහන් කරයි.
ඒ අනුව මෙරටට ගෙන්වූ කන්ටේනරයක් පරීක්ෂා කළ රේගු නිලධාරීන් එහි තිබී පාවහන්, කෑම වර්ග සහ සුවඳ විලවුන් තොගයක් සොයාගෙන තිබේ.
මේවායේ බදු වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් පමණ වන බව ශ්‍රී ලංකා රේගුව කියා සිටියි.
අදාළ කන්ටේනරය මෙරටට නිමි ඇදුම් ගෙන්වන සමාගමක නමින් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර මෙම කෑම වර්ග පාවහන් සහ සුවද විලවුන් මෙරටට ගෙන්වා ඇති බව කියැවෙයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන බවයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.
ශ්‍රී ලංකා රේගුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.