70 හැවිරිදි අපචාර මහල්ලා රෝහලේ දෙවෙනි තට්ටුවෙන් පැන නසියි
May 22, 2013 01:46 pm
හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු එහි දෙවන මහලින් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ.
අද (22) පෙරවරුවේ රෝහලේ දෙවන මහලින් බිමට පැනීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මෙම පුද්ගලයා සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්ය.
මොහු විසින් අපචාරයට ලක්ව ඇත්තේ මොහුගේම ඥාති දියණියන් බව අප වාර්තාකරු කියා සිටියි.
හම්බන්තොට පොලීසිය වැඩිදුර ව්මර්ශන සිදුකරයි.