ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගන්න අනුමැතිය ලැබෙයි
May 22, 2013 01:30 pm
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් පිරිනමනු ලබන වෛද්‍ය විද්‍යා උපාධිය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත වෛද්‍ය උපාධියක් ලෙස පිළිගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා උපාධිය ලැබූ පළමු කණ්ඩායම ලබන වසරේ දී පිටවයාමට නියමිතය.
මෙම පිරිස ශ්‍රීලංකාව තුළ වෛද්‍ය හෝ ඉන් පිටත ශල්‍ය වෛද්‍ය වෘත්තියේ නියැළීමට හැකි වන පරිදි ඔවුන් ලියාපදිංචි කිරීමේ බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා යෝජනා කර තිබුණි.